Sunday, September 5, 2021

ෂඩ්වර්ණ

 


මමත් එක්ක තව යාළුවෝ හතර දෙනෙක් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටිය නගින්න යන්න කතා වුනා .පණ්ඩිත කම නේ ...අපේ ගමනේ නායක දිගාගෙ .මැප් එකක්වත් ගෙනියන්ඩ ඕනෙ නෑ කිව්වා ගූගල් මැප් තියෙන නිසා .

නකල්ස් කඳු වැටිය පටන් ගන්න හරිය හරිම ලස්සනයි . දකුණු පැත්තෙන් ලොකුවට පේන්නේ මිටියාවතක් .
අපේ කැන්ඩි ට තිබුණා micro කැමරා එකක්. ඌ එකෙන් ලස්සනට ෆොටෝ ගත්තා .කන්ද නගින්න නගින්න පුදුම ලස්සනක් තිබුනේ .මීදුම පිරිලා .පුංචි පොද වැස්ස මහා මහ අනෝරා වැස්සක් වෙන්ඩ මහා ලොකු වෙලාවක් ගියේ නෑ .අපේ දිගාගෙ පණ්ඩිතකමට අබ සරණක් වෙන්න ජංගම දුරකථන වල සිග්නල් එහෙම්පිටින්ම නැතිවෙලා ගියා .මෙහෙන් යකෝ මෙහෙන් මං කී පාරක් මේ පාරේ ගිහින් තියෙනවද ,,කිය කියා දිග අපිව එහෙන් මෙහෙන් එහෙන් මෙහෙන් එක්කගෙන එක්කගෙන යන්න ගියා .දිය ඇල්ලක් ගාව නැවතිලා ඔලුව කස කසා වටපිට බලනකොට මටනම් තේරුණා වැඩේ දෙල් වෙලා කියලා .
දැන් වෙලාව රෑ හතයි . මහා කුණු වැස්සේ ගහක් යටට වෙලා අපි කට්ටිය ගුලි වෙලා හිටියා .හවස හතර වෙද්දි ආපහු පල්ලම් බහින කියලා හිතාගෙන හිටියට ඒ කිසි දෙයක් කර ගන්න හම්බුනේ නෑ අතරමං විල්ල හින්දා .දැන් දිගාව කොට වෙනකන් අනික් උන් බනිනවා .උදේ උනහම මොනවා හරි කරමුයි කියලා දැන් දිගා හැමෝම සනස සනසා ඉන්නවා. වෙලාව පාන්දර එක හමාරයි. වැස්ස පොඩ්ඩක් විතර අඩු වෙලා තිබුනා. සීතල කියලා නිම කරන්න බෑ .අපේ කැන්ඩි
ආං ආං බලපං කියලා පල්ලෙහාට අත දික්කරලා කෑ ගහනකොට අපි හැමෝම බැලුවා.
කවුරුත් ඉන්නවද අපි කොත්මලේ හමුදා රෙජිමේන්තුවෙන්.....
අමාරුවේ වැටුන වෙලාවට උදව් වෙන්නෙත් අටපාස් එවුන් තමයි කියලා ඒ වෙලාවෙත් කට අඩුවෙලා තිබුනෙ නැති දිගා නැගිට්ටා .
නොදන්න පාරවල් වල බඩගාන්න ගිහිල්ලා මගෙයි නැල්ලිගෙයි දනිස් ලෙලි ගිහිල්ලයි තිබුණේ .සිතල වැඩි කමට කැන්ඩිගේ සෙම අමාරුව වැඩි වෙලා ගිනි කබලට උනා අරගෙන තිබුණා .බර කෑම කාලා කඳු නගින්න බෑකියලා දිගා කියපු නිසා ප් වෙලා තිබුණා .
ශඩ්..ඒක අමුතු නමක් නේද... කෝකටත් උඹ වැඩිය ඒ ගැන නොහිතා ඉදපංකෝ... ඌ මුස්ලිම් ද දන්නෙත් නෑ නේ ....
කියලා නැල්ලි එහාපැත්තේ ඇදේ ඉදං අමාරුවෙන් කෙඳිරි ගගා මට උපදෙස් දුන්නා .මට හිනත් ගියා .
ලෙඩ්ඩු බලන වෙලාව නොවුනත් ශඩ් තවත් නිලධාරීන් දෙන්නෙක් එක්ක අපිව බලන්න ඇපල් මල්ලකුත් අරගෙන හොස්පිට්ල් එකේ වාට්ටුවට ආවා .
අව් කන්නාඩි දෙකක් දාගෙන හිටපු ශඩ් හැබෑම ලස්සනයි .අපි ඔයාලගේ අනිත් යාලුවො දෙන්නත් බලන්න එහා පැත්තෙ වාට්ටුවට ගියා .හෙට දිහා ආපහු හොස්ටල් යන්න පුළුවන් වෙයි... ටිකට් කපයි ... හොස්ටල් ගිහිල්ලත් දවස් දෙක තුනක් යනකං මට ශඩ්ව අමතක කරන්න අමාරු වුණා .ඉවසන් ඉන්න බැරිම තැන මම කොත්මලේ රෙජිමේන්තුවේ නොම්බරය හොයාගෙන කතා කළා .
could i speak to major shad....
who is speaking madam ....
මම එතුමාගේ යාළුවෙක් මට එතුමාට කතා කරන්න ඕනේ ..
මැඩම් අහන්නේ මේජර් ශඩ්වර්න කුලතුංග ගැන නේද ....extremely sorry madam..එතුමා ඊයේ අවුරුද්දක පුහුණුවකට ඇමරිකාවේ ගියා .බලාපොරොත්තු මල්ල ම කැඩිලා බිඳිලා ගිහිල්ලා ගංගාවන් හතක් ඔලුව උඩින් ගලාගෙන ගියා වගේ මට දැනුනා .ආපහු සැරයක් කොත්මලේ රෙජිමේන්තුවට කතා කරපු මම එතුමගෙ පෞද්ගලික දුරකථන අංකය දෙන්න පුලුවන්ද කියලා ඇහුවා .පෞද්ගලික දුරකතන අංක නං දෙන්න බැහැ පුහුණුවට ගිය ඇමෙරිකානු හමුදා මූලස්ථානය නොම්බරය දෙන්නං කියල දුන්න .දවස් ගානක් ගානක් මහන්සි වෙලා අදාල නොම්බර හොයාගෙන අදාල අයට කතා කරලා මේජර් ෂඩ්වර්ණ කුලතුංගට කතා කරන්න එපොයිමන්ට් එකක් දාගන්න මට සති දෙකක් විතර ගියා .ඒ සති දෙකේදි ශඩ් මහා ශක්තිමත් පාදමක් මගේ හිතේ දාලා තිබුනා..ඒ ජවය ශක්තිය , අබිමානය මං කැම්පස් එකේ කිසිම පිරිමි ලමයෙකුගෙන් දැක්කේ නෑ..

මං කවුද කියලා අඳුන්වල දුන්නම මේජර් ෂඩ්වර්ණ ට ලොකු හිනාවක් ගියා..ඔව් මට පුහුණුවකට එන්න වුණා.අවුරුද්දක් කිව්වට ඕක තව දික්වෙයි .මේ ටිකේම ට්රයි කලේ වයිෆ්වයි බබා වයි කොහොමහරි මෙහාට ගෙන්න ගන්න...ඉතිං රසාදරී .... ආයිත් කඳු නගින්න එහෙම ගියේ නැද්ද ....එහෙම අහපු ෂඩ්වර්ණ හයියෙන් හිනා වුණා .මමත් එයත් එක්ක හිනා උනා .කතා කරලා ඉවර වෙලා දුරකථනය විසන්ධි කරද්දි මම හොඳටම අඩලා තිබුණා .ඒ කඳුළු කවුරු වෙනුවෙන්ද ..මෙහෙ තනි වෙලා ඉන්න ෂඩ්වර්ණ ගෙ බිරිඳයි දරුවයි වෙනුවෙන් ද .......
සදාකාලික හදවතේ කටුවක් ඇනී ඇනී ඉතුරු වෙච්ච මං වෙනුවෙන් ද .....

No comments:

Post a Comment

හිතට දැනෙන දේ කියලා යන්න