Sunday, September 5, 2021

රඝුනාදන්

 



නාදන් රඝුනාදන්... මට ගොඩක් දවස් වලට එයාව මතක් වෙනවා. එතකොට උතුරේ කලබල පටන් පටන්ගත්තු අළුතම වගේ .අපි හිටියේ පේරාදෙණි විශ්වවිද්යාල යේ.විශ්වවිද්යාලයේ හැමදාම හැන්දෑවට වලේ පෙන්නන නාට්ය බලන්ඩ අපි දෙන්නා අත් අල්ලගෙන යන්නේ. රඝුනාදන් තමා මුලින්ම මට කියලා දුන්නේ ආදරේට පාටක් නැහැයි කියලා .

මෙච්චර දවසක් මං හිතාගෙන හිටියේ අපේ ආදරේ සිංහල පාටයි ..රඝුනාදන් ලගේ ආදරේ දෙමළ පාටයි කියලා..
ඒ උනාට පුංචි පුංචි හිනාවන්, පුංචි පුංචි කතා වල් ,පුංචි පුංචි ඇහි පිල්ලම්, පුංචි පුංචි බැල්මවල්, අවසානයේ මට තේරුම් කෙරෙව්වා රඝුනාදන් කිව්වේ ඇත්ත කියල.
පුස්තකාලයේ දී රඝුනාදන් හම්බවෙනකම් මං මග බලාගෙන හිටියා . හොඳට ඉංග්රීසි පුළුවන් රගුනාදන්ට .සාමාන්ය ඉංග්රීසි වලට වඩා සාහිත්යය ඉන්ග්රීසි බොහොම ලස්සන ට පුලුවන් . මං ගොඩක් දේවල් අහගත්තේ එයාගෙන්.ගුරු ගීතයේ අල්තිනායි වගේ අන්තිමට සිද්ධ වුණේ මං එයාට ආදරෙන් පිස්සු වැටිච්ච එක. රඝුනාදන් ගේ ගම යාපනය. ගිහිල්ලා එනකොට හැමදාම කොට්ටකිලංගු, තල් හකුරු ,මෝරු මිරිස් ගේනවා.ඒවා කන්න අපේ හොස්ටල් එකේ ළමයි බලාගෙන ඉන්නවා.
එයා කළුයි කෙට්ටුයි . කතා කරනවා ලස්සනට සිංහල. කොහොම හරි අපේ ගෙවල් වලින් මේ සම්බන්ධෙ දැන ගත්තට පස්සෙ ගොඩක් කරදර පටංගත්තා.තාත්තා කිව්වා රගුනාදන් ගෙදෙට්ට ගෙනාවොත් එයා එල්ලිලා මැරෙනව කියල. අම්මා කිව්වා තාත්තගේ වලටම එයත් පැනලා මැරෙනවා කියලා. ඒ හින්ද මට අමාරුවෙන් හරි රගුනාදන්ට මේ ඇත්ත විස්තර කියන්න සිද්ධ වුණා. එදා හැන්දෑවෙ වලේ පෙන්නුවෙ සරත්චන්ද්ර මහත්තයාගේ මනමේ නාට්යය. ඒක බලලා ඉවර වෙලා අපි උඩට එන්න හදනකොට මුළු කැම්පස් එකේම ලයිට් ගියා මතකයි . ඊට පස්සේ හඳ පායලා තිබුනා. එදා රෑ හරිම ලස්සනට පේන්න පටං ගත්තා. කලින්දා වැහැපු මහ වැස්සට කණාමැදිරියෝ රොතු හැමතැනම පියාම්බ පියාම්බ තිබුනත් මට මතකයි .නාදන් මට කිව්වා මේ කලාමැදිරි එකතු කරලා කරලා බෝතලේකට දාල ඉස්සර එයාලගේ ගේ ඇතුලෙ තියෙනවාලු. එයාලා හැමදාම ජීවත් වෙලා තියෙන්නේ කුප්පි ලාම්පුවේ එලියෙන්.
එයාලගේ හරි ප්රධාන කෑමක් තමයි වම්බටු වෑංජනේයි මිරිස් බැදලා යි බතුයි. මං නං කිව්වේ මටනම් යාපනේ ආවහම ඕව කන්න බැහැයි කියලයි. එතකොට එයා හිනා උනා. හිනාවෙලා මගේ ඔළුව අතගෑවා .මට හොඳට මතකයි එදා හැන්දෑවේ හරියට රොබරෝසියා මල් වැටිල තිබුණා. ඒවා රෝස පාටයි. එයින් එකක් අහුලලා මගෙ කණ පිටිපස්සේ ගැහුවා මට අද වගේ මතකයි.
තාමත් සමහර දවස් වල හැන්දෑවට මට කණ පිටිපස්සේ රොබරෝසියා සුවඳක් එනවා. මේ හැම විස්තරයක්ම දන්න ගිම්හාන මට හිනා වෙනවා .එහෙම වෙන්නේ මානසික රෝගයක් තියෙන මිනිස්සුන්ට කියලා .
වෙන්න ඇති ...මගේ හිතේ මහා ප්රමාණයක් රගුනාදන්ට වෙන්වෙලා තිබුණා. හැබැයි ඒ අතීත සිද්දි හැම දෙයක්ම ගිම්හාන දැනගෙන හිටියා. නාදන් හැමතිස්සෙම කතා කළේ දෙමළ බෙදුම්වාදයන් සාධාරණයි කියලා. එයා ඉදිරිපත් කරපු පළවෙනි තර්කය තමයි ඔයාගෙ ගෙදරින් ඇයි මාව පිළිගන්න සූදානම් නැත්තෙ කියන එක .මටත් දෙන්න උත්තරයක් තිබුන් නෑ එහෙම අහන වෙලාවට .මොකද එයාලගෙ ගෙදරින් ලොකු ප්රශ්නයක් තිබුණේ නැහැ.
මම විශ්වාස කරන ගණ දෙවියන්ට ඔයාට අත් දෙක අල්ලලා වඳින්න පුළුවන් නම් ඔයා විශ්වාස කරන බුදුහාමුදුරුවන්ට මට අත් දෙක අල්ලලා වඳින්න පුළුවන් නම් තවත් මොනවද කියලයි රඝුනාදන් හැමතිස්සෙම ඇහුවේ.
1990 මාර්තු 3 වැනිදා රඝුනාදන් පුරුදු විදිහටම මගේ ඔළුව අතගාලා යාපනය යන්න බස් එකට නැග්ගා .ඉක්මනට ලියුමක් එවන්නං කියලා ගියාට ගියා ගියාමයි නාදන්ට වෙච්චි දෙයක් නැතිවුණා.මං පිස්සියක් වගේ නොකා නොබී අඩනකොට ගිම්හාන ම තමයි එයාගේ වාහනයේ මාව දාගෙන යාපනයේ රඝුනාදන් ලග ගෙදර යන්න පිටත් වුනේ .
මම සැක කරපු විදියටම රගුනාදන් මාව අමතක කරලා දෙමළ විමුක්ති සංවිධානයට බැඳිලා තිබුණා .රඝුනාදන් ගේ තාත්තා හරි අහිංසකයි. හරියට මගේ අත්දෙක අල්ලාගෙන ඇඬුවා ළමයව වෙනස් කළේ දෙමළ සංවිධානය මිනිස්සුයි කියලා .
ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ගිම්හාන මගෙන් ඇහුවා තමුසෙ තාමත් රගුනාදන්ට පිස්සු වැටිලද ඉන්නේ කියලා.සිංහල ගෑනියෙකුට පලු පැලෙන්න ආදරෙයි කිය කියා සිංහල මිනිස්සුන්ව මරන්න පුළුවන් සංවිධානයකට රඝුනාදන් බැඳුනේ මොන හිතකින්ද කියලා ගිම්හාන මගෙන් ඇහුවා . සේර මල්ල ම එකතුවෙලා ඇහුවේ මට උත්තර දෙන්ඩ බැරි ප්රශ්න .
අවසානයේ මමත් ගිම්හාන ට හා කිව්වා.දැන් ඒ සිද්ධි වෙලා අවුරුදු විසි පහකටත් වැඩියි රගුනාදන්ට මොනව වුණාද කියන්න මම දන්නෑ. මම ගිම්හානත් එක්ක කැනඩාවට පදිංචියට ආවා .මම ගිම්හාන උනාට වුණාට තමුසෙගේ ජීවිතයට වසන්තය ගෙනාවයි කියලා ගිම්හාන අදටත් කියනවා .කොයිතරම් වසන්තයක් ගෙනල්ලා තිබුනත් අතීතය හැමතිස්සෙම මට ගෙනල්ලා දීලා තිබුණෙ වහගන්න බැරි ලැජ්ජාවක් .
මට එකම එක පාරක් , එකම එක පාරක්, එකම එක පාරක් අහන්න ඕන රඝුනාදන්ගෙන්
ඇයි ..මට ..
මෙහෙම ...
කලේ .....කියලා.

2 comments:

  1. මම මේක කියෙව්වෙ දැන්.
    18.51- 06.04/023
    මුල ඉඳලම කථාව ලස්සනයි.
    අංතිමට කථා නායිකාව අහන්න ප්‍රශ්නය මට ප්‍රශ්නයක්.
    ඇයි එයාට ඒක නොතේරෙන්නේ. එයා නොදන්නා අතාරින බව නාදන් තේරුම් ගත්ත. පවතින තත්වය තුල එක්ව ගමනකට අවකාශ නෑ කියල තේරුම් ගත්ත. එක්ව යනු බැරි තැන එයා තෝරාගත්තේ විනාශයේ මාවත.
    ඇයි එයාට බලාපොරොත්තුවක් වෙන්න බැරි උනේ. ගෙදරින් මොන බාධක ආවත් වෙනස් නොවන බවට තහවුරවක් දෙන්න බැරි උනේ ඇයි.
    එහෙනම් එයාට අපේක්ෂාවක්‍ ඉතිරි වෙනවා
    නැතිවෙන්න දෙයක් තැති උනාම තෝරන්න වෙන්නේ විනාශය විතරයි.
    ඒකට වැරදි කවුද.

    ReplyDelete
    Replies
    1. උඩ cimment එක ලියන්නෙ මම D'pal khewa

      Delete

හිතට දැනෙන දේ කියලා යන්න